ගංවතුර පාලනය කිරීමේ අරමුණින් කොළඹ නගරයේ ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ආරම්භ කර තිබෙනවා
ඒ අනුව තලවතුගොඩ වැව, දියවන්නා ඔය, නාගහමුල්ල වැව, කිඹුලාවල ඇල, බත්තරමුල්ල, පාලම් තුන අසල ඇළ ඇතුළු තවත් වැව් හා ඇළ මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ
මෙම බොහෝ වැව් හා ඇළ මාර්ගවල ජපන් ජබර වැනි ආක්‍රමණශීලි වල් පැළැටි සහ දුගඳ හමන, රොන් මඩවලින් වැසී ඇති ප්ලාස්ටික් බෝතල්, බියර් කෑන්, සෙරෙප්පු, සනීපාරක්ෂක ද්‍රව්‍ය, අප ජලය හා තෙල් වර්ග ආදියෙන් පිරී පවතිනවා .
මිනිසුන් විසින් අන්තනෝමතිකව බැහැර කරනු ලබන මෙවැනි කැළි කසළ හේතුවෙන් ජලය දූෂණය වී ඇති අතරම නිසි පරිදි ජලය බැහැරවීමද සිදුවන්නේ නැහැ .
වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව සිදු කරන ලද මූලික අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ජලය බැස යාම සඳහා ඇති ඇළ මාර්ග පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඉදිරියේදී ගංවතුර තත්ත්වය තවදුරටත් තීව්‍ර වන බවයි
මෙමගින් ජලජ ජීවින් මියයාම සහ ජලජ පරිසරවල ජෛව රසායනික සමතුලිතතාවයට දැඩි ලෙස හානි වීම ආදී වෙනස් කළ නොහැකි හානි රැසක් පරිසරයට සිදුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙනවා
එමෙන්ම මේ හේතුවෙන් සාමාන්‍ය වර්ෂාවකදී පවා ඇළ මාර්ග උතුරා පිටාර බවත් එය සාමාන්‍ය ජන ජීවිතයට දැඩිව බලපෑම් සිදු කරන බවද ඔහු පවසනවා
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ ගංවතුර පාලනය කොට කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශ පිරිසිදුව හා ලස්සනව තබා ගැනීමට නම් මෙම ඇළ මාර්ග හා වැව් නිරන්තරයෙන්ම පිරිසිදු කළ යුතු බවත් ඒ සඳහා සාමාන්‍ය පොදු මහජනයාගේ සහය උපරිමයෙන්ම අපේක්ෂා කරන බවත්ය
මෙම වැව් හා අළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒවායේ මුල් පිහිටීමට හානි නොකරන ලෙස හා මධ්‍යයේ පිහිටි ජලජ ජීවීන්ට ආරක්ෂාව සළසන පරිසර හිතකාමී ශාඛ ඉවත් නොකර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලෙසද අමාත්‍යවරයා බළධාරීන්ට උපදෙස් දී තිබෙනවා