අස්වැසුම අභියාචනා සහ විරෝධතා සලකා බැලීම කඩිනමින්
Related Articles
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අදාළව ලැබී ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීම කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අස්වැසුම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරිමේ කාලය ඊයේ දිනෙන් අවසන් වුණා. ඒ අනුව අභියාචනා නවලක්ෂ හැටඅටදහසක් සහ විරෝධතා 17500ක් ලැබී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කලේ අභියාචනා සහ විරෝධතා සලකා බැලීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකරන බවයි.
දීමනා ලබාදිය යුතු පාර්ශව හඳුනාගනිමින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුලත් කිරිමේ කටයුතු විනිවිදභාවයකින් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ.