ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නව කොන්දේසි ගැසට් කෙරේ
Related Articles
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග අමාත්‍ය කංචන විජේසේකර ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.
එම අති විශේෂ ගැසට් පත්‍රය අනුව ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍රයක් ප්‍රදානය කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.
ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ විකිණීම, සැපයීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේනම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් වියයුතු අතර ආයෝජන මණ්ඩල නියෝගවලට අනුකූල විය යුතු බව ගැසට් පත්‍රයෙන් දැක්වේ.