fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මනම්පිටිය අනතුර ගැන කඩිනමින් වාර්තාවක් දෙන්න – ඇමති බන්දුල

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2023 06:02

මනම්පිටිය අනතුර ගැන කඩිනමින් වාර්තාවක් දෙන්න – ඇමති බන්දුල

පොලොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලිය පාලමෙන් ඔයට බස් රථයක් පෙරළී සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර කඩිනමින් වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට  දැනුම් දුන් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ අන්තර් පළාත් ප්‍රවාහන අධිකාරිය එක්ව මේ වාර්තාව සකස් කරනු ඇති බවත් මෙහි දී වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පැවසුවේය.

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2023 06:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්