බඹර ප්රහාරයකින් පාසල් දරුවන් 50 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
හිගුරක්ගොඩ ප්රදේශයේ පාසලක සිසුන් පිරිසකටයි මෙම බඹර ප්රහාරයක් එල්ල වී තිබෙන්නේ.
පාසල ඉදිරිපිට අඹගසක මෙම බඹර කූඩුව තිබූ අතර එය උකුස්සෙකුගේ ප්රහාරයකට ලක්වීමෙන් බඹරුන් ඇවිස්සී තිබෙනවා.
බඹර ප්රහාරය හේතුවෙන් හිගුරක්ගොඩ රෝහලට සිසුන් 50 දෙනෙකු ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
බඹර ප්රහාරයෙන් ගුරුවරයෙකුට සහ මුරකරුවෙකුට ද තුවාල සිදුවී තිබෙනවා.