පසුගිය දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබුණ ද යළි ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 51477ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේදියි. එය 9916ක්. දිස්ත්‍රික්ක පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11249ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 11091ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 3338ක් වාර්තා වී තිබෙනවා.
බස්නාහිර පළාත් තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 25678ක්. එය වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සමස්ත සංඛ්‍යාවෙන් 49.9%ක ප්‍රතිශතයක්. අවධානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 43ක් නම් කර තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 32ක්.
මේ අතර මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ඩෙංගු මර්දන සහයකයින් පිරිසක් එම කාර්යාලයේ වහලය මත නැගී උපවාසයක් ආරම්භ කර තිබෙනවා. සේවය ස්ථිර කරන ලෙසත්, වැටුප් වැඩිකරන ලෙසත් ඉල්ලමිනුයි එම උපවාසය ආරම්භ කර තිබෙන්නේ. සිය ඉල්ලීම් ලැබෙන තුරු වහලයෙන් නොබසින බව ද එම උපවාසකරුවන් කියා සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/quROQfkGt6o”]