fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ශිෂ්‍ය භට බලකායේ කටයුතු පළාත් මට්ටමින් තවදුරටත් පුළුල් කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2023 13:27

ජාතික ශිෂ්‍ය භට බලකායේ කටයුතු පළාත් මට්ටමින් තවදුරටත් පුළුල් කිරීමට පියවර

ජාතික ශිෂ්‍ය භට බලකායේ කටයුතු පළාත් මට්ටමින් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික ශිෂ්‍ය භට බලකායේ සබරගමු පළාතේ කටයුතු එම බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. එම කටයුතුවලට පෙර සබරගමු මහ සමන් දේවාලය වෙත ගොස් උදෑසන තේවාව සදහා සහභාගී වීමට ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කළා. ඉන් අනතුරුවයි ශිෂ්‍ය භට බලකායේ අටවන බලඇණිය පරික්ෂාවට ලක් කළේ. සබරගමුව පළාත් අධ්‍යාපන පළාත් දෙපාර්තමේන්තුවේදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පුෂ්පකුමාර ඩයස් මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම විදුහල් කිහිපයක විදුහල්පතිවරුන් සමග විශේෂ සාකච්ඡාවකට ද බ්‍රි ගේඩියර් සුදන්ත ෆොන්සේකා මහතා එක්වුණා.

ඉන් අනතුරුවයි ජාතික ශිෂ්‍ය භට බලකායේ නව වන බලඇණියේ කටයුතු පරික්ෂාවට ලක් කෙරුණේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2023 13:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්