උතුරු පළාතේ කිරි ගොවීන්ට සෙත සලසමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
කිරි ආශ්රිත නිෂ්පාදන එම පළාතට හඳුන්වාදෙමින් නව වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
උතුරු පළාතෙන් දිනකට පිට පළාත් සඳහා දියර කිරි ලීටර 14000ක් යැවෙන අතර එම දියර කිරි උපයෝගී කර ගනිමින් කිරි ආශ්රිත නිෂ්පාදන ආරම්භ කිරීමටයි උතුරු පළාත් සභාව කටයුතු කර ඇත්තේ.
ඒ සඳහා ඉන්දීය තාක්ෂණ ශිල්පීන් හරහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා.
වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසත් ගව පාලනය තවදුරටත් ව්‍යාප්ත කරන ලෙසත් උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
උතුරු පළාතේ ව්‍යවසායකයින් සහ නිෂ්පාදන සඳහා දායකත්වය ලබාදෙන්නන්ට අවශ්‍ය නව නිපැයුම් ආශ්රිත පුහුණුව ලබාදීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නටරාජ් මහතා එකඟතාව පළ කර තිබෙනවා.
උතුරු පළාතේ මිලියන 13ක් වූ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙලට පූර්ණ සහාය ලබාදෙන බව ද නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයා උතුරේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී වැඩිදුරටත් අවධාරණය කළා.