චීනයේ ගුවැන්ඩොන් ප්රාන්තයේ ළදරු පාසලක සිදුවූ පිහි ඇනුමකින් 6 දෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ගුරුවරයෙක්, ළමුන් තිදෙනෙක් සහ දෙමව්පියන් දෙදෙනෙක් ඉන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස පහරදීමට හේතුව විමර්ශනය කරන බවයි පොලීසිය පවසා තිබෙන්නේ.