කිඹුලාඇළේ ගුණාගේ ගෝලයෙක් අත්අඩංගුවට
Related Articles
කිඹුලාඇළේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයෙවු ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වත්තල නායකන්ද කිස්තුරාජ මාවතේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කිඹුලාඇළේ ගුණා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරමින් මොහු මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවයි මූලික විමර්ෂණවලදී හෙළිවුනේ.
සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 6යි ග්‍රෑම් 372ක් ද සොයා ගැනුනා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් හයලක්ෂ පනස්පන්දහසක මුදලක් ද විද්‍යුත් තාරාදියක් හා යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.