fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපරාධ 35කට සම්බන්ධ වරෙන්තුකරුවකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2023 15:54

අපරාධ 35කට සම්බන්ධ වරෙන්තුකරුවකු අත්අඩංගුවට

විවිධ අපරාධ 35කට සම්බන්ධ ප්‍රබල සැකකරුවෙකු බෙම්මුල්ල දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුට එරෙහිව වරෙන්තු 12ක් ද නිකුත් කර තිබු බවයි පොලිසිය පවසන්නේ.

ගම්පහ,  කැළණිය හා මීගමු යන පොලිස් කොට්ඨාශවල සිදු වු ගෙවල් බිදිම් දේපළ සොරකම් කිරීම් ඇතුළු අපරාධ 35ක සම්බන්ධ මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ කළ වැටලීමකදියි. බෙම්මුල්ල,  ජාඇළ,  සීදුව,  මීගමුව,  ගම්පහ,  මීරිගම,  වේයන්ගොඩ,  කටුනායක ඇතුළු ප්‍රදේශ රැසක ගෙවල් බිදීම්,  රණ් භාණ්ඩ සොරකම් කිරීම්,  යතුරු පැදි හා පා පැදි සොරකම් කිරිම්,  විදෙස් මුදල් සොරකම් කිරීම් ඇතුළු අපරාධ රැසක් මෙම සැකකරු සිදුකර ඇති බවයි මුලික විමර්ෂණවලදී හෙළි වුනේ.

ඔහු සොරාගත් විවිධ බරින් යුත් රන් කැඹිලි 16ක්,  කරාබු ජෝඩුවක් සහ රන් මුදුවක් යතුරු පැදියක් ඇතුළු භාණ්ඩ රැසක් ද පොලිසිය සොයා ගත්තා.

වයස අවුරුදු 33ක් වු මෙම සැකකරු හොරොව්පොතාන කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2023 15:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්