fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යතිවර උපහාර පිදිමේ මහෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2023 15:17

යතිවර උපහාර පිදිමේ මහෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධාන කළ යතිවර උපහාර පිදිමේ මහෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ශාසනික මෙහෙවර උදෙසා දීර්ඝ කාලයක් කටයුතු කළ හා අභිනවයෙන් පදවි ප්‍රාප්ත මහා සංඝරත්නය පිළිගැනිම අරමුණ කරගනිමින් යතිවර උපහාර පිදිමේ මහෝත්සවය සංවිධාන කර තිබුණා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී එය පැවැත්වුණේ රාමාඤ්ඤ මහා නිකායේ අනුනායක ආචාර්ය පූජ්‍ය වලේබොඩ ගුණසිරි හා බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද යන ස්වාමින් වහන්සේ ඇතුළු 18 නමකට මෙහිදි ප්‍රණාම උපහාර පිරිනැමුනා.

මහා භාරකාර ගිහාන් පිලිපිටිය,  සමස්ත ලංකා බෞද්ධ මහා සම්මෙලනයේ සභාපති චන්ද්‍රා නිමල් වාකිෂ්ට යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2023 15:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්