නව ගුවන් හමුදාපති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී
Related Articles
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා දළදා සමිදුන් වැදපුදාගෙන මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
නව ගුවන් හමුදාපති එයාර් මාර්ශල් උදේනි රාජපක්ෂ මහතා අස්ගිරි මහා විහාරය වෙත ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
ඉන් අනතුරුවයි ගුවන් හමුදාපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැදපුදා ගත්තේ. ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතා ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණියා.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටයි ගුවන් හමුදාපතිවරයා කටයුතු කළේ.