රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පහ පොලිසිය අත්අඩංගුවට ගත්තා.
ගම්පහ පොලිසියේ දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව නැදගමුව ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්කුඩු කුඩා පැකට්වලට ඇසුරුම්කරමින් සිටි බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරනවා.
මොවුන් කලක්පුරා මෙම ජාවාරම සිදුකර තිබෙනවා.
ඩුබායි රාජ්‍යයේ රැදී සිටින පුද්ගලයෙකු මෙම සැකකරුවන්ට මත්කුඩු යොමු කරමින් ජාවාරම සිදුකර ඇති බවයි මෙතෙක් කළ විමර්ශනවලදී හෙළිවුණේ.