ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
විශේෂ කාර්ය බලකායේ මන්නාරම කදවුරේ නිලධාරීන්ට උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ මන්නාරම තාල්පාඩු ප්රදේශයේදීයි. සැකකරුවන් ළග තිබී ව්‍යාජ නෝට්ටු 26 ක් සොයා ගත්තා. රුපියල් පන්දහසේ නෝට්ටු 9ක් රුපියල් 1000 නෝට්ටු 12ක් හා රුපියල් 500 නෝට්ටු 15ක් ඒ අතර වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 16 ක හා විසිඑකක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සදහා ඔවුන් මන්නාරම පොලිසියට භාර දීමටයි ක්‍රියා කෙරුණේ.