අලුත්ගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක දී මත්පැන් පානය කිරීමට දී පාසල් සිසුන් සිවු දෙනෙකු අපයෝජනය කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 48 සහ 35 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.
පාසලේ ගුරුවරුන් සහ මව්පියන් කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිසුන් ෆේස්බුක් සහ ටික්ටොක් යන සමාජ මාධ්‍ය ඔස්සේ සැකකරුවන් හඳුනාගෙන කලක පටන් ඇසුරක් පවත්වා තිබෙන බව සදහන්.
සැකකරුවන් සිසුන් හමුවේ තරුණියන් ලෙස පෙනී සිට ඇති අතර ඇතැම් දිනවල මෙම සිසුන් පාසල් නොයා සැකකරුවන් සමඟ ඇසුරට ගොස් තිබෙනවා.
සැකකරුවන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම පාසල් සිසුන් සිටින විවිධ දර්ශන ද සොයාගෙන තිබෙනවා.