ඔරුගොඩවත්ත රේගු පරික්ෂණ ස්ථානයේ අවට ප්‍රදේශයේ ආනයනික කන්ටේනර් බාහලුම් රථ විශාල සංඛ්‍යාවක් රැදී තිබීම හේතුවෙන් තදබදයක් පවතිනවා.
ඔරුගොඩවත්ත ඉගුරුකඩේ හන්දිය සහ තොටලඟ යන ප්‍රදේශවල මාර්ගය දෙපස මෙම කන්ටේනර් රථ දක්නට ලැබෙනවා. බහාලුම් පරික්ෂා කිරීමට කල්ගත වීම හේතුවෙන් මෙම තදබදය නිර්මාණය වී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.