ඉංජිනේරු සංස්ථා සේවකයින්ගේ වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් එම සේවකයින් පිරිසක් සංස්ථා සභාපතිවරයාගේ කාමරය අද වැටලුවා.
කොළඹ පිහිටි ඉංජිනේරු සංස්ථා ප්රධාන කාර්යාලයේ 6 වන මහලේ පිහිටි සංස්ථා සභාපතිවරයාගේ කාමරය මෙසේ වැටලීමෙන් පසු සාකච්ඡාවක් ද පැවැත්වුණා. ලබන සදුදා මෙම සේවකයින්ගේ වැටුප් ගෙවන බවට ලිඛිතව පොරොන්දු වීමෙන් පසු ගැටලුව සමථයකට පත්වුණා. කෙසේ වුවද පිරිස පාලනය කිරීම සදහා පොලිසිය ද මැදිහත් වුණා.