පසුගිය බදාදා දියත්කළ එම මෙවලමට මේ දක්වා ග්රාහකයින් මිලියන 30 කට වැඩි පිරිසක් එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ත්රෙඩ්ස් මෙවලම ට්විටර් හා සමාන මෙවලමක්.
එහෙත් තරගකාරීත්වයට වඩා ඔවුන් වංචාවක් සිදුකර ඇතිබවයි ඊලොන් මස්ක් පවසන්නේ.
ට්විටර් සමාගමෙන් ඉවත් වූ සේවකයන් යොදා ගනිමින් ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් මෙම යෙදවුම සකස් කර ඇති බවටද ඔහු චෝදනා කරනවා.
කෙසේවෙතත් මෙටා සමාගම එය ප්රතික්ෂේප කර තිබෙනවා.