මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය මෙවර ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී දළදා මාළගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.
අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ අගෝස්තු 30 වනදායි.
අගෝස්තු මස 17 වනදා සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටවීමෙන් පෙරහැර ආරම්භ කිරීමට නියමිතයි. කප් සිටුවීමෙන් පසු දින 4ක් පුරා දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙන බවයි මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී දියවඩන නිලමේවරයා පැවසුවේ.
අගෝස්තු 21 වනදා ප්‍රථම කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි. කුඹල් පෙරහැර දින 5 ක් වීථි සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරිම අගෝස්තු 26 වනදා ආරම්භ වනවා.
රන්දෝලි පෙරහැර 30 වනදා පැවැත්වීමෙන් අනතුරුව පසුදින අලුයම දිය කැපීමේ මංගල්‍යයෙන් පසු ඇසළ පෙරහැර කටයුතු නිමාට පත්වනවා.
මහනුවර ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් හයදහසක් පමණ යෙදවීමට කටයුතු යොදා ඇති බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා මෙහිදී පැවසුවා.
අස්ගිරිපාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පැවසුවේ පෙරහැර කටයුතු සදහා අලින්ගේ හිඟයක් පවතින බවයි.
සතර දේවාලවලට එක් අලියෙකුවත් නැති බවද උන් වහන්සේ පැවසුවා.
මහනුවර දිසා ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.