fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා නව අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීම අත්‍යාවශ්‍යයි

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2023 15:42

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා නව අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීම අත්‍යාවශ්‍යයි

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා නව අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීම අත්‍යාවශ්‍ය බව ගුවන් සේවා හා ගුවන් කටයුතු අමත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කරමින් ගුවන් සේවා අමාත්‍යවරයා මේ බව පැවසීය.

සංචාරකයින්ට පමක් නොව නව ආයෝජකයින්ටද මෙමගින් පහසුවක් සැළසෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවාවන් වර්ධනය වී නැහැ. කොවිඩ් වසංගතය නිසා මෙම ගුවන් සේවා කඩා වැටුණා. මඩකලපුව, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ වල මෙම ගුවන් ගමන් ආරම්භ කළ යුතුයි. මෙමගින් බලාපොරොත්තු වන්නේ ගුවන් මගීන්ගේ ආරක්ෂාව, බඩු මුට්ටු වල ප්‍රමාදය අවම වීම ආදියේදී අන්තර්ජාතික ක්‍රමවේදයට අනුව ගෙවීම් කළ යුතු වෙනවා. නමුත් රට අභ්‍යන්තර ගුවන් යානා වලට එවැනි ක්‍රමවේදයක් නැහැ. ඒ සඳහා ඇති බාධාවක් තමයි. ජාත්‍යන්තර ගුවන් යානා සඳහා තිබෙන මිල ගණන් අභ්‍යන්තර ගුවන් යානා වලට ද ආදේශ කිරීමට සිදුවීම. නමුත් එසේ වුවහෙත් අභ්‍යන්තර මිල ගණන් විශාල ලෙස ඉහළ යනවා. එම හිස් තැන් පිරවීමට තමයි අද මෙම සංශෝධන ගෙන එන්නේ. මෙම පනත් සංශෝධනය කිරීමෙන් රටතුළ හොඳ අභ්‍යන්තර ගුවන් සේවාවක් ආරම්භ කළ හැකියි.

ඊශ්‍රායලය, නේපාලය වැනි රටවල් සමග නව ගුවන් ගමන් යානා ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද හෙතෙම පැවසීය. පසුගියදා ඊශ්‍රායල් ගුවන් සේවා නියෝජිතයින් සමග හමුවක් පැවැත් වූ බවත්,ඊශ්‍රායල් ගුවන් ගමන් මෙරට ස්ථාපනය කිරීමට සූදානම් බවත් පැවසූ අමාත්‍යවරයා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට සහ සංචාරකයින්ට එය පහසුවක් වන බව පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතයෙන් පසු ලංකාවට පැමිණෙන ගුවන් ගමන් වාර වැඩි කර ගැනීමට හැකි වී ඇති බවත්, එය මෙම ක්ෂේත්‍රෙය් ධනතාත්මකපියවරක් බවද හෙතෙම සඳහන් කළේය.

යාපනය පළාලි ගුවන් තොටුපලට එළඹෙන 15 සිට දිනපතාම ගුවන් යානා එන විදියට සාකච්ඡා කළා. ගුවන් තොටුපළ ධාවන පථය දියුණු කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2023 15:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්