fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියවස් දෙකකට පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

hasiniek
By hasiniek ජූලි 6, 2023 20:22

සියවස් දෙකකට පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

මහනුවර රාජධානි සමයේ ලන්දේසීන් විසින් නෙදර්ලන්තයට රැගෙන ගිය කෞතුක භාණ්ඩ හයක් නැවත මෙරටට ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදු කරන ලද ඉල්ලීමක් අනුවයි.

මේ අනුව නෙදර්ලන්තයේ Rijks කෞතතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති රනින් නිමකළ කොපුවක් සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුවක් සහිත කස්තානයක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිමාවේ හට අයත් යැයි සැලකෙන කාලතුවක්කුවක් ආදීය යළිත් මෙරටට ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ කෞතුක භාණ්ඩ මහනුවර රාජධානි සමයට අයත් වූ ඒවා බවට අනාවරණය වී ඇති අතර 1765 වසරේදී ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම විසින් රැගෙන ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා

 

hasiniek
By hasiniek ජූලි 6, 2023 20:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්