ඊයේ (05) ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ විදුලි බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා විදුලිය බිඳවැටීම් 14,000 අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි වාර්තා වුණේ.
විදුලි බල මණ්ඩලය මේ වන විටත් එම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ