පාසල් දරුවෙකුට ජිවිතය අහිමි කළ රිය අනතුර
Related Articles
රිය අනතුරකින් 13 හැවිරිදි පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ යාපනය, පලෙයි මූල්ලෙයිඅඩි ප්‍රදේශයේදීයි.
ඒ්-9 මාර්ගයේ මූලයඩි ප්‍රදේශයේ කැබ් රථයක් පාපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් පාපැදියේ ගමන්ගත් දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
අනතුරින් පසුව කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇති අතර, මියගිය දරුවාගේ මළ සිරුර කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.