fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2023 09:33

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

අද (06) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.

ඉන් අනතුරුව, පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පිලිබඳ කල් තබන ලද විවාදය සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පිලිබඳ කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට නියමිතයි.

අනතුරුව, ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2023 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්