වී වලට සහතික මිලක් ඉල්ලා රාජාංගනයේ ගොවීන් පාරට බසී
Related Articles
රාජාංගන ඒකාබද්ධ ගොවි සංවිධානය හා රාජාංගන සියලුම ගොවි සංවිධාන නිලධාරීන් රාජාංගනය පහේ කනුව මංසන්ධියේදී වී වලට රුපියල් 130 ක සහතික මිලක් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා.
ඔවුන් කියා සිටින්නේ එන මාසයේ රාජාංගන ව්‍යාපාරික වී අස්වැන්න නෙළන බවත්,මෙය වෙන විට වී රුපියල් 60,70 අතර මිලට ලබා ගන්නා බවත් එම නිසා රජය වහා මැදිහත් වී රු 130ක සහතික මිලක් ලබා දෙන ලෙසත්ය.
එසේ නොකළේ නම් ඔවුන් සියළු දෙනා එක්ව කොළඹට පැමිණ බවත් ඔවුන් කියා සිටියා.
පැය දෙකක පමණ කාලයක් උද්ඝෝෂණ නිරතවී පිරිස සාමකාමීව විසිර ගොස් තිබුණා.