fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත ඉහළ යන බව ජනමත විමසුම් සමීක්ෂණයකින් තහවුරු වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2023 18:22

ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත ඉහළ යන බව ජනමත විමසුම් සමීක්ෂණයකින් තහවුරු වෙයි

ආණ්ඩුව පිළිබද ජනතා කැමැත්ත ඉහළ යමින් පවතින බව ජනමත විමසුමකින් තහවුරු වුණා.

වෙරිටේ රිසර්ච් මගින් සිදුකළ රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයට අනුව රටේ වැඩ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය පිළිබදවද ජනතා තෘප්තිය ඉහළ යමින් පවතිනවා.

පසුගිය මාසයේ ප්‍රතිඵලවලට අනුව එය 21% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සියයට හතක්ව පැවති ජනතාවගේ වඩාත් තෘප්තිමත් බව පසුගිය ජුනි මාසය වන විට සියයට දොළහක් දක්වා වර්ධනය වුණා.

ජනමත විමසුමට අනුව රටේ ආර්ථිකය පිළිබද ජනතාව තුළ පවතින විශ්වාසයද ඉහළ යමින් පවතිනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් හා මෙම වසරේ පෙබරවාරි යන මාසවලට සාපේක්ෂව එය කැපී පෙනෙන වර්ධනයක්.

රටේ ආර්ථිකය ගැන ජනතා විශ්වාසය සෘණ අගයක සිට ධන අගයක් දක්වා මේ වන විට වර්ධනය වී පවතිනවා.

එමෙන්ම පසුගිය ජුනි මාසයේ දී සියයට බිංදුවයි දශම අටක පිරිසක් ආර්ථිකය විශිෂ්ඨ මට්ටමක පවතින්නේ ය යන අදහසින් සිටි බවයි සමීක්ෂණයෙන් හෙළි වුණේ.

එමෙන්ම සියයට විසිහයයි දශම හයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින් යුක්තවයි.

එමෙන්ම සියයට විසිඅටයි දශම අටක පිරිසක් ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින්නේ ය යන අදහසින් පසුවනවා.

ඇමෙරිකාවේ සිදු කළ ජනමත විමසුමක ක්‍රමවේද මෙරටට ගැළපෙන ලෙස සකස් කරමින් මෙම සමීක්ෂණය සිදු කෙරුණා.

එමෙන්ම රටම ආවරණය වන පරිදි නියදියක් තෝරා ගැනුණා.

චෙරිටේ රිසර්ච් සමීක්ෂණය සදහා පුද්ගලයන් 108 දෙනෙකුගෙන් යුත් නියදියක් තෝරාගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2023 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්