fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ශිෂ්‍යභට බළකායෙන් නායකත්ව පුහුණු වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2023 16:41

ජාතික ශිෂ්‍යභට බළකායෙන් නායකත්ව පුහුණු වැඩසටහනක්

පාසල් දරුවන් පමණක් නොව සමස්ත සමාජයටම නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩපිළවෙළක් ජාතික ශිෂ්‍යභට බළකාය ආරම්භ කළා.

මේ අතර ආරක්ෂක ශිෂ්‍ය භට පළාත් ඇගයීම් තරග මේ වන විට සාර්ථකව පැවැත්වෙනවා.

ආරක්ෂක ශිෂ්‍යභට පළාත් ඇගයීම් කදවුරේ බස්නාහිර පළාත් තරග සාර්ථකව අවසන් වුණා.

එම තරග පැවැත්වුණේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණු මධ්‍යස්ථානයේදීයි. ආරම්භයේදී බස්නාහිර පළාත් තරග පැවැත්වුණා.

එහිදී බස්නාහිර පළාතේ බාලිකා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යභටවියන්ට හැකි වුණා.

එමෙන්ම ශිෂ්‍ය භට අංශයෙන් බස්නාහිර පළාතේ ප්‍රථම ස්ථානයට පත් වුණේ කොළඹ ආනන්ද විද්‍යාලයයි. මෙම කදවුර ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා, රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ආර් එම් ප්‍රේමතිලක පුහුණු පරීක්ෂක කර්නල් එච් ටී දේව්පුර යන මහත්වරුන්ගේ පරීක්ෂාවට ලක් කෙරුණා.

මේ අතර ස්වාධීන රූපවාහිනි හත්වැනි පැය වැඩසටහනේදී ද ශිෂ්‍ය භට බළකායේ ඉදිරි සැලසුම් පිළිබද තොරතුරු රැසක් හෙළි කෙරුනා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2023 16:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්