රජයේ සෑම කාර්යාලයකම භාෂා පරිවර්ථනය කිරීමේ හැකියාව ඇති අය සිටිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
එම අඩුව සම්පූර්ණ කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය බැදී සිටින බවයි භාෂා පරිවර්තකයින් වෙත පත්වීම් ලිපි ප්රදානය කරමින් අග්‍රමාත්‍යවරයා සදහන් කළේ.
භාෂා පරිවර්තක සේවයේ විභාගවලින් සමත් වූවන්ට රජයේ භාෂා පරිවර්ථකයන් ලෙස පත්වීම් ලිපි ප්රදානය අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා.
මෙම විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් පිරිසකටයි මෙලෙස පත්වීම් ලිපි ප්රදානය කෙරුණේ.
රජයේ විභාගවල ලකුණු වෙනස් කිරීමේ හැකියාවක් නැති බවත් ලකුණු කඩඉම මත සිට පත්වීම් ප්රදානය සිදු කෙරෙන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.