මෙරට වරාය සංවර්ධනය සදහා අවශ්‍ය නවීන තාක්ෂණය ලබාදීමට බෙල්ජියම් රජය එකගත්වය පළකළා.
ශ්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපති ඩිඩ්යර් වැන්ඩර්සල් හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරුණා.
ත්‍රිකුණාමලය සහ ගාල්ල යන වරායන් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නා.
එමෙන්ම බෙල්ජියම් ආයෝජකයින්ට අවශ්‍ය අවස්ථාව ශ්‍රී ලංකාව තුළ ලබාදිය හැකි බවද අමාත්‍යවරයා කියා සිටියා.
මෙහෙයුම් සදහා යුරෝපයේ නව තාක්ෂණය තම රටේ දී උපයෝගී කර ගන්නා බවයි තානාපතිවරයා ප්‍රකාශ කළේ.
එම තාක්ෂණය කොළඹ වරායට ද ලබාදිය හැකි බවයි ඔහු කියා සිටියේ.