ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය බැහැර කිරීම සදහා ජපානය ඉදිරිපත් කළ සැලැස්මට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ අනුමැතිය හිමිව තිබෙනවා.
2011 වසරේ ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදු වුණා.
ඒ සමගම බලාගාරය තුළ ඝනමීටර් මිලියන ගණනක ජලය සිරව තිබෙනවා.
අපජලය බැහැර කිරීම සදහා ජපානය ඉදිරිපත් කළ සැලැස්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බවයි පරමාණු බලශක්ති ඒජන්සිය පෙන්වා දෙන්නේ.
ඒ හරහා පරිසරයට විශාල හානියක් සුදු නොවන බවද එම ඒජන්සිය සදහන් කරනවා.
කෙසේ වුවද මෙම සැලැස්මට චිනය හා දකුණු කොරියාව දැඩි විරෝධයක් පළ කරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.