fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2023 08:58

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

නිරිතදිග මෝසම සක්‍රීය බැවින් අද දිනයේදී නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර නායයෑම් අනතුරු ඇඟවීම් ද තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

මුහුදු ප්‍රදේශ රළුවන බැවින් ධීවර සහ නාවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙස ද දැනුවත් කෙරෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක් අයෙකු මරණයට පත්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරනවා.

පවුල් 21කට අයත් සාමාජිකයින් සියයකට ආසන්න පිරිස් අවතැන්ව සිටින අතර ඔවුන් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කළා.

හාරිස්පත්තුව ,දෙල්තොට ,පාතහේවාහැට, පන්විල,දොළුව ,උඩුනුවර සහ යටිනුවර යන ප්‍රදේශවල නායයාමේ අවදානම් ද පවතින බැවින් විමසිලිමත්වන ලෙසයි ජනතාවට උපදෙස් දී තිබෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2023 08:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්