fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ 247 වන නිදහස් දින සැමරුම අදයි

hasiniek
By hasiniek ජූලි 4, 2023 16:27

ඇමෙරිකාවේ 247 වන නිදහස් දින සැමරුම අදයි

ඇමෙරිකාවේ 247 වන නිදහස් දින සැමරුම අදට යෙදී තිබෙනවා.

1776 වසරේ ජුලි 4 වන දින ඇමෙරිකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස හිමිකර ගැනීම මෙලෙස ඇමෙරිකානුවන් සමරනු ලබනවා.

1941 වසරේ සිට ජුලි 4 වනදා ඇමෙරිකාවේ ෆෙඩරල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණා.

මෝටර් රථ පෙළපාලි / ගිනිකෙළි සංදර්ශන / වෙළද සංදර්ශන හා දේශපාලන රැළි ඇතුළු විවිධ අංශ ඇමෙරිකා නිදහස් සැමරුමට ඇතුළත්.

1801 වසරේ දී පළමුවරට ඇමෙරිකා නිදහස් දින සැමරුම ධවල මන්දිරයේදී පැවැත්වුණු අතර එතැන් පටන් ඔවුන්ගේ නිදහස් දින සැමරුම් ධවල මන්දිරයේ දී ද පැවැත්වෙනවා.

hasiniek
By hasiniek ජූලි 4, 2023 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්