පෙර නොවූ විරූ අභියෝග හමුවේ, ශ්‍රී ලාංකිකයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රදර්ශනය කළා – ජනපති
Related Articles
පෙර නොවූ විරූ අභියෝග හමුවේ, ශ්‍රී ලාංකිකයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ගෝලීය ක්‍රියාකාරිකයකු බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරමින්, අපගේ ජාතිය ඉදිරියට ගෙනයාම සඳහා ඩිජිටල් තාක්‍ෂණයේ විභවයන් උපයෝගී කර ගැනීමට කාලය එළඹ ඇති බවයි ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුවට පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ
ඩිජිටල් යුගයේ ජාතියේ පුනර්ජීවනයට නායකත්වය දීමට සහ මෙම තීරණාත්මක සන්ධිස්ථානයේ දී ජාතියේ ආර්ථික ස්ථාවරත්වයට දායක වීම සඳහා කුසලතා, දැක්ම සහ අධිෂ්ඨානය ඇති සුවිශේෂී අලෙවිකරුවන්ගේ ප්‍රජාවක් ගොඩනැගිය හැකි බව ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුව වෙත සිය පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.