fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂී ජින් පින්ග් හා ව්ලැඩිමීර් පුටින් යන්න හදන ගමන

hasiniek
By hasiniek ජූලි 4, 2023 15:31

ෂී ජින් පින්ග් හා ව්ලැඩිමීර් පුටින් යන්න හදන ගමන

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ෂැන්ග්හයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පින්ග් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහභාගී වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

වැග්නර් කුලී හමුදාවේ ආක්‍රමණය සාර්ථකව මැඩපැවැත්වීමෙන් පසු පුටින් ජනාධිපතිවරයා රාජ්‍ය නායක හමුවකට එක්වන්නේ ප්‍රථමවරටයි.

මෙම සමුළුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අද දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර සමුළුවේ දී ඉරානයට හා බෙලරූස් රාජ්‍යයට සාමාජිකත්වය ලබාදීම හරහා යුරේසියාව නැතහොත් යුරෝපා ආසියා කලාපය තුළ ෂැන්ග්හයි සහයෝගීතා සංවිධානයේ බලය ව්‍යාප්ත කිරීමට වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

2001 වසරේ දී චීනය හා රුසියාවේ මූලිකත්වයෙන් ෂැන්ග්හයි සහයෝගීතා සංවිධානය ආරම්භ කෙරුණු අතර පසුව ඉන්දියාව පාකිස්තානය ඇතුළු රටවල් රැසක් ඊට සම්බන්ධකර ගැණුනා.

 

 

hasiniek
By hasiniek ජූලි 4, 2023 15:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්