කන්තලේ ප්රදේශයේ දුරකතන සංඥා කුළුණක් කඩා වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
කන්තලේ පිහිටි මෙම දුරකතන සංඥා කුළුණ අද දහවල් කඩා වැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
තුවාල ලබා ඇත්තේ කුළුණ කඩා වැටුණ ස්ථානයේ පිහිටි තැපැල් කාර්යාලයේ සේවයේ නියුතුව සිටි සේවකයින් 4 දෙනෙකු බවයි පැවසෙන්නේ.
තුවාල ලැබූවන් කන්තලේ රෝහලට ඇතුළුත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරික්ෂණ ක්රියාත්මකයි.