fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශ විරෝධතා , ස්විට්සර්ලන්තය හා බෙල්ජියම දක්වා ව්‍යාප්ත වෙයි

hasiniek
By hasiniek ජූලි 4, 2023 15:20

ප්‍රංශ විරෝධතා , ස්විට්සර්ලන්තය හා බෙල්ජියම දක්වා ව්‍යාප්ත වෙයි

ප්‍රංශ විරෝධතා මේ වනවිට ස්විට්සර්ලන්තය හා බෙල්ජියම දක්වා ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය සතියේ දී 17 හැවිරිදි නහේල් එම් නමැති තරුණයා ප්‍රංශ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.

ඉන් අනතුරුවයි රටපුරා විරෝධතා ආරම්භ කෙරුණේ.

මේ වනවිට එම විරෝධතා ස්විට්සර්ලන්තය හා බෙල්ජියමේ ඇතැම් නගර කරා ව්‍යාප්ත වී බවද සඳහන්.

එම විරෝධතා අතරතුරදී ද පොලීසිය හා උද්ඝෝෂකයින් අතර ගැටුම් හටගෙන තිබෙනවා.

මේ අතර හයවන දිනටත් ප්‍රංශය පුරා විරෝධතා ක්‍රියාත්මකයි. ඊයේ රාත්‍රියේදී 160 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් බව ප්‍රංශ පොලීසිය නිවේදනය කරනවා.

විරෝධතාකරුවන් පාලනය කිරීමට 45,000ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබුණ ද මෝටර් රථ 5,600ක් ගිනි තැබීම / පෞද්ගලික දේපල හානිකිරීමේ සිද්ධීන් දහසක් හා පොලිස් ස්ථාන 250කට පහරදීම් වාර්තා වනවා.

hasiniek
By hasiniek ජූලි 4, 2023 15:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්