fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙයි‍

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2023 05:54

ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙයි‍

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් අද  (04) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිතව බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 3,000ට වඩා අඩුවනු ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සෑම මාසයකම මුල් සතියේ සිදුකෙරේ. මෙම මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, මේ අනුව මෙරට මූල්‍ය අර්බුදයට පෙර ගෑස් සිලින්ඩරයක් පැවැති මිල ගණන් දක්වා මිල අඩුවීමක් මෙවර සිදු විය හැකි බව ද හෙතෙම කීවේය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල අඩුවීමේ ප්‍රමාණය අනුව කිලෝග්‍රෑම් 5 සිලින්ඩරවලද මිල මේ අනුව පහත යනු ඇත.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2023 05:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්