fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට කිසිදු හානියක් සිදුව නැහැ – උප කුලපති

hasiniek
By hasiniek ජූලි 3, 2023 16:19

පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට කිසිදු හානියක් සිදුව නැහැ – උප කුලපති

පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට කිසිදු හානියක් සිදුව නැති බව උප කුලපති මහාචාර්ය එම් ඩී ලමාවංශ මහතා පවසනවා.

ඒ හේතුවෙන් පරිසරයට දැඩි හානි සිදුව ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන ප්‍රචාරවලට පිළිතුරු ලබාදෙමිනුයි උපකුලපතිවරයා මේ බව සදහන් කළේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාල මහජනතාව සදහා පසුගිය සෙනසුරාදා විවෘත කෙරුණේ එම විශ්වවිද්‍යාලයට වසර 80ක් සපිරීමට සමගාමීවයි.

ඒ විශ්වවිද්‍යාලයක් පළමුවරට මහජනතාවට නැරඹීම සදහා විවෘත කිරීමේ පළමු අවස්ථාව සනිටුහන් කරමින්.

විශ්වවිද්‍යාලය දැකබලා ගැනීමට බොහෝ පිරිසක් පැමිණ සිටියා.

ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල භූමියට දැඩි හානි සිදුව ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පුවත් පළවුණා.

ඒ පිළිබද අදහස් දක්වමින් උපකුලපතිවරයා සදහන් කළේ එවැනි කිසිදු ගැටලුවක් සිදුව නොමැති බවයි.

hasiniek
By hasiniek ජූලි 3, 2023 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්