අච්චුවේලි සිද්ධියට තවත් 3 දෙනෙකු අත්අඩංගුවට
Related Articles
අච්චුවේලි ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවැසියන්ට පහරදී දේපලවලට අලාභ හානි සිදුකිරීම හා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර ද සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මුහුණුපොත ඔස්සේ තරුණියකගේ ඡායාරූප සමාජ මාධ්‍යයට නිකුත් කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් අච්චුවේලි නිර්වේලි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී නිවසේ සිටි පුද්ගලයින්ට පහරදෙන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව එය පාලනය සදහා එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමට එම සැකකරුවන් ක්‍රියාකර තිබුණා. මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී සැකකරුවන් හය දෙනෙකු සහ සැකකාරියන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් 6 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. සැකකාරියන් ඇප මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන් දෙනෙකු අච්චුවේලි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.