අධිකාරියට පත්ව විසිර ගිය කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීන්
Related Articles
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 සහ 36 වන බඳවා ගැනීමේ තාක්ෂණික අංශයට අයත් මධ්‍ය නිලධාරීන් විසිතුන් දෙනෙකු අධිකාරියට පත් කර තිබෙනවා.
එම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ , නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සහභාගී වී තිබුණා.
මෙම උත්සවයට නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණිය ඇතුළු නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු විධාන ආඥාපතිවරුන්, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරීන්, යුද හා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමව්පියන් සහභාගී වී සිටියා.