\මැණික් එබ්බවූ වලළගම්බා රජුගේ රන් ඔටුන්නක් සහ මැණික් කුල්ලක් ඇති බව පවසමින් එය ලබා ගැනීම් සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයන් හයදෙනකු ඊයේ (01) රාත්‍රියේ දඹුල්ල කපුවත්ත මොරගොල්ල වත්ත ප්‍රදේශයේ ඉඩමකදී සැක පිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීිසිය පවසනවා
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පුජාපිටිජාපිටිය ප්‍රදේශයේ සහ මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය කියා සිටියේ
පූජාපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් කැණීම් කළ ඉඩම දඹුලු රජමහා විහාරස්ථානයට කිලෝමීටර් කීපයක් දුරකින් පිහිටා තිබෙන අතර එම ස්ථානයේ ඉතා සූක්ෂම ලෙස වසර ගණනාවක සිට මෙම නිදන් ලබාගැනීම සඳහා සැලසුම් කොට තිබුණා.
කෙසේවෙතත් ස්ථානයේ වලක් හාරා එහි ගල් පතුරු ඉවත් කොට නිධානය ලබා ගැනීම් සඳහා සියලු කටයුතු සූදානම් ව තිබියදී බහිරව පූජාව ලබාදී දුර්ලබ කළු කුකුලා බිලි දී ගල් පියන ඉවත් කිරීමට සිටියදී පොලිසියට ලද තොරතුරක් මත පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිස් නිළධාරීන් කණ්ඩායම එම ස්ථානයට රාත්‍රියේ යන විට මල් පහන් සුවඳ දුම් මෙන්ම බහිරව පූජා ගොටු තබා තනිකර කරමල කළු පැහැති කුකුළෙක් බිල්ලට සූදානම් කොට පූජාව පවත්වමින් සිට තිබෙනවා.
මෙම ඉඩමේ ඇති නිවසෙන් විදුලිය ලබාගෙන වතුර යට තබා ශබ්දය පිටට නෑසෙන අධි මිලදී වතුර මෝටර් යොදා ගෙන එහි වතුර ඉවත් කොට ඇති බවද පොලිස් නිලධාරීන් කියා සිටියා.
මෙම නිධානය ලබා ගැනීමගැනීම සඳහා මහ පොළොව කැණීම ට යොදා ගත් ආයුධ රැසක් මෙන්ම පුද පූජා භාණ්ඩ රැසක් ද පොලිීසිය සොයාගෙන තිබෙනවා.
ඉඩමේ හිමිකරුවන් පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තමන්ගේ කිසිදු අනු දැනුමකින් තොරව පිටස්තර කණ්ඩායමක් මෙම ඉඩම බලා ගැනීම සඳහා යොදවා සිටි සේවකයන් සමග එක්ව මෙම කටයුත්ත සිදු කර ඇති බවට තමන් සැක කරන බවයි.
සැක කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ මෙම ස්ථානය වසර ගණනාවක සිට වළවල හාරා ගල් බෝර දමා කොටස් කර අඳුන උපයෝගී කරගෙන සොයා බැලීමේදී දඹුල්ල රජමහා විහාරය කර වූ වළගම්බා රජු විසින් පළඳන ලද මැණික් එබ්බ වූ රන් ඔටුන්නක් සහ මැණික් පිරවූ කුල්ලක් මෙම ස්ථානයේ නිධන් කොට තිබෙන බවට ලද තොරතුරු මත මෙම කැණීම් සිදු කළ බවයි.
.
වසර ගණනාවක සිට කණ්ඩායම් කිහිපයක් මෙම ස්ථානයේ ගල් බෝර දමා එම නිධානය තැන්පත් කර ස්ථානය සෙවීමේ කටයුතුවල නිරතව ඇති බව ස්ථාන පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.