හොර පාරෙන් ගෙන ආ බීඩි කොළ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
Related Articles
නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1947 ක තොගයක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, කරතිව් වෙරළ ප්‍රදේශයේ අද දින 02) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම බීඩි කොළ තොගය සමග සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගත් බවයි ඔවුන් නිවේදනය කළේ.
එම බීඩි කොළ පාර්සල් හැට පහක (65) අසුරා තිබූ බවද සඳහන්.
නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 50 ක් වන පුත්තලම, කරතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.