fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක් අයෙකුට මරු කැඳවූ අනතුර

hasiniek
By hasiniek ජූලි 2, 2023 11:28

එක් අයෙකුට මරු කැඳවූ අනතුර

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇල දී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලැබුවා.

හල්පේ සිට බදුල්ල දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථය හාලිඇල ගණදෙවි කෝවිල ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අනතුර සිදුවුණා.

ඒ වනවිට මෝටර් රථයේ පුද්ගලයින් 5 දෙනෙකු ගමන් කරමින් සිටි බවත් ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව සෙසු සිව්දෙනා බරපතල තුවාල ලැබූ බවත් පොලීසිය පවසනවා.

තුවාල ලැබූවන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කෙරුණේ. අනතුරට මුහුණදුන් පිරිස බදුල්ල ප්‍රදේශයේ දේවස්ථානයක් කරා ගමන් කරමින් සිටි බව මූලික විමර්ශනවලදී හෙළිවුණා.

 

 

hasiniek
By hasiniek ජූලි 2, 2023 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්