යුගයේ අභියෝග ජයග්‍රහණය කිරීමට නම් ඇතැම් නීති ලිහිල් කළ යුතුයි – අගමැති
Related Articles
යුගයේ අභියෝග ජයග්‍රහණය කිරීමට නම් ඇතැම් නීති ලිහිල් කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ජාත්‍යන්තර සමුපාකාර දින සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
වසර 101ක සමුපාකාර ඉතිහාසය පිළිබඳ මෙම සැමරුමේ දී අදහස් පළ වුණා.
එමෙන්ම ග්‍රාමීය මට්ටමේ සිට ජනතාවට මෙමගින් ලැබෙන ප්‍රතිලාභ රැසක් පවතිනවා.
ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රයේ දී ආදර්ශමත් මැදිහත්කරුවෙකු බවට ද මෙම සේවාව පත්ව තිබෙනවා.
සමුපාකාර දින සැමරුම් උත්සවයේ දී අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළ අතර අමාත්‍ය නලීන් ප්‍රනාන්දු , රාජ්‍ය අමාත්‍යවරුන් වන එස් වියාලේන්ද්‍රන් හා ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.