බටහිර කෙන්යාවේ ලොන්ඩියානි නගරයේ සිදු වූ ට්‍රක් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අධිවේගී මාර්ගයක සිදුවූ මෙම ට්‍රක් රථ අනතුරෙන් තුවාල ලැබූ 30 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි කෙන්යා පොලීසිය සඳහන් කරන්නේ.
මෙම අනතුර කෙන්යාවේ සිදුවූ දරුණුම අනතුරක් ලෙසයි සැලකෙන්නේ.
ට්‍රක් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහීමත් සමඟ මාර්ගයේ ගමන් ගත් මෝටර් රථ කිහිපයක ගැටී තිබෙනවා.
එමෙන්ම මාර්ගයේ ගමන් ගත් පදිකයින් කිහිප දෙනෙකු ද ට්‍රක් රථයේ ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
අනතුරට ලක්වූ ට්‍රක් රථයේ හා අනෙකුත් මෝටර් රථ තුළ සිරව සිටි පිරිස් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.