fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු ධීවරයෝ

hasiniek
By hasiniek ජූලි 2, 2023 09:48

ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු ධීවරයෝ

තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් මුහුදු රළකට හසුව පෙරලීයාමෙන් මුහුදට වැටුණු තංගල්ලේ ධීවරයින් දෙදෙනෙකු පැය පහකට අධික කාලයක් ජීවිතය හා මරණය සමග මහ මුහුදේ පොර බදද්දී මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් විසින් බේරා ගෙන තිබෙනවා

ඉකුත් 29 දින තංගල්ල ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති යාත්‍රාව මසුන් අල්ලමින් සිටියදී 30 වැනි දින අලුයම 02 ට පමණ මුහුදු රළට හසුව යාත්‍රාව පෙරලී තිබෙනවා.

බේරා ගත් ධීවරයින් දෙදෙනා එදිනම තංගල්ල ධීවර වරායට රැගෙන එනු ලැබුවා.

යාත්‍රාව පෙරළිමෙන් පසු යාත්‍රාවේ සුන් බුන් වල එල්ලී පැය පහකට අධික කාලයක් ධීවරයින් දෙදෙනා මුහුදු රළ සමඟ පොර බදමින් සිටියදී බහුදින යාත්‍රාවේ ධීවරයින් ඔවුන් දැක ධීවරයින් දෙදෙනා බේරා ගෙන ඇති බව ඔවුන් ප්‍රකාශ කළා

hasiniek
By hasiniek ජූලි 2, 2023 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්