fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රසායනික කම්හලක සිදු වූ පිපිරීමක් හේතුවෙන් ඝන කළු දුමාරයක් වායුවට එක් වෙයි

hasiniek
By hasiniek ජූලි 2, 2023 05:48

රසායනික කම්හලක සිදු වූ පිපිරීමක් හේතුවෙන් ඝන කළු දුමාරයක් වායුවට එක් වෙයි

අග්නිදිග චීනයේ රසායනික කම්හලක සිදු වූ පිපිරීමක් හේතුවෙන් ඝන කළු දුමාරයක් වායුවට එකතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන CCTV පවසන පරිදි Jiangxi පළාතේ ගුයිසි නගරයේ සිලිකන් ඔයිල් නිෂ්පාදන සමාගමක් වන Jiangxi QianTai New Materials සමාගමට අයත් කම්හලක මෙම පිපිරීම සිදුව තිබෙනවා.

මේ වනවිට ලැබී ඇති මූලික වාර්තාවලින් පෙන්වා දෙන්නේ සිලිකන් තෙල් ගිනි ගැනීමෙන් පසු පිපිරීම සිදුවී ඇති බවයි.

පිපිරිම හේතුවෙන් පුද්ගල අනතුරු කිසිවක් වාර්තා වී නොමැති අතර අවට ජීවත් වූ ජනතාව ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

hasiniek
By hasiniek ජූලි 2, 2023 05:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්