fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාර නියාමකවරයෙකුට පහර දී, මරණ තර්ජන කළ තිදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2023 12:42

බන්ධනාගාර නියාමකවරයෙකුට පහර දී, මරණ තර්ජන කළ තිදෙනෙකු අත්අඩංගුවට

බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසට ඇතුළු වී ගිනි අවි පෙන්වා පහර දී, මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ කහතුඩුව, බියගම සහ සපුගස්කන්ද යන ප්‍රදේශවලදීයි.

වැඩිදුර විමර්ශන සඳහා ඔවුන්  මිනුවන්ගොඩ පොලීසියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2023 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්