fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලාශූරී එස්. එච්. සරත් මහතාගේ “සම්ප්‍රදාය සහ වෙනස” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2023 17:09

කලාශූරී එස්. එච්. සරත් මහතාගේ “සම්ප්‍රදාය සහ වෙනස” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

ප්‍රවීන චිත්‍ර ශිල්පී, කලාශූරී එස්. එච්. සරත් මහතාගේ “සම්ප්‍රදාය සහ වෙනස” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ එක් වුණා.

සී. ඩබ්ලිව්. කන්නන්ගර මාවතේ පිහිටි සියම්  නිවසේ  (Siam House) මැයි මස  23 වැනිදා ඇරඹි චිත්‍ර ප්‍රදර්ශනය ජූලි මස 04 වැනිදා දක්වා පැවැත්වෙනවා.

එස්.එච්. සරත් මහතාගේ පනස් වසරක කලා ජීවිතයේ වසර 40 ක කාල පරාසයක් තුළ  සිතුවමට නඟන ලද එදිනෙදා ජීවන සබඳතා සහ පරිසරය පිළිබඳ චිත්‍ර මෙම
ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා.

චිත්‍ර ප්‍රදර්ශනය නැරඹූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ  අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර  එස්.එච්. සරත් මහතා විසින්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගන්වනු  ලැබුවා.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පෝල් (Poj harnpol) මහතා ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2023 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්